Pages

Friday, August 9, 2013

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි - Dewiyani Oba Maw Lowa Pudumai

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ළඟයි ආලෝකේ දුරයි..

සඳට ආසා කරනා කුරුල්ලෝ..
ඉන්නෙ වනේ කැදැල්ලේ..
සිත ගත් හැම දර්ශනයම ලෝකේ..
ඇයි අතින් ඔබ මැව්වේ..
ඒකද යුක්ති ධර්මෙ මහා..
මේකද යුක්ති ධර්මෙ මහා..
පහන ළඟයි ආලෝකේ දුරයි..

වනයේ ගස්වල මල් ඵල සේරම..
එහි නොතබා බිම හෙළුවේ..
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..
ලෝකෙට ඇයි දුක දුන්නේ..
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..
පහන ළඟයි ආලෝකේ දුරයි..

--------------------------------------------------

No comments:

Post a Comment