Pages

Friday, July 26, 2013

සබඳ අපි කදු නොවෙමු -Sabada api kadu nowemu

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..//

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින....

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන....

---------------------------------------------------

No comments:

Post a Comment