Pages

Friday, July 26, 2013

කැරකෙන රෝදේ පුංචි කරත්තේ - Karakena Rode punchi karaththe

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ

----------------------------------------------------------------

No comments:

Post a Comment