යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ,,,,
හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ,,
නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ,,
.....................................................................
No comments:
Post a Comment