Pages

Wednesday, July 24, 2013

ප්‍රේමය ලොව හැම තැනම ඇතී - premaya lowa hama thanama ethi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. ....

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි.....

---------------------------------------------------------

1 comment:

  1. නියම වැඩක් ,ගොඩක් ආදරෙයි ඔයාලට
    තවත් ගීත දාන්න

    ReplyDelete