එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
බෝගම්බර නුවර වැවේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කදුළු වලින් අප සොකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා
සිනා වෙලා අම්මා ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියෙ කියා
මම අයියන්ඩියෙ කියා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගාලයා
මරනෙට බයවී අයියා අම්මා ලගට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය ලෙයින් පෙන්නලා
මද්දුම බන්ඩාරගෙ හිස කඩුපහරින් වෙන් කලා
කඩුපහරින් වෙන් කලා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
මද්දුම බන්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්න ඒ රජිදා අණ කලා
ඒම හිතක් ඒම නැතත් ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රුක ගන්නට පුංචි පුතෙන් බිහිවුනේ
පුංචි පුතෙන් බිහිවුනේ
---------------------------------------------------------------------
No comments:
Post a Comment