අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි.....
වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි.....
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි......
--------------------------------------------------------------
No comments:
Post a Comment