Pages

Wednesday, July 24, 2013

වන සිවුපාවුන් - Wana siwpaun



වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

-----------------------------------------------------------
ගී පද : රබුක්කන සිද්ධාර්ථ හිමි

-----------------------------------------------------------

No comments:

Post a Comment