Pages

Friday, August 9, 2013

රැයේ තුන්යම - ra thunyama

රැයේ තුන්යම තබා අවදිව
මුදා නිදි දැහැනින්...
කරුණ කිව මැන පෙළන මා සිත
කල්පනා රැහැනින්...

සතුටු සළුවෙන් වසා සියොළඟ
අඳුර තුළ ගුලිවී...
ලොවම ගොළු වන රැයෙක ඔබ මම
ඉඳිමු දොඩමළු වී...

සදාකාලික සිහිනයක් වී
අතීතාවලියේ...
බිඳී නොයනුය පිණි බිඳක් සේ
උදා හිරු එළියේ...

----------------------------------------------

No comments:

Post a Comment