Pages

Friday, August 9, 2013

බැසයන සඳ දෑතින් - Basayana Sanda Dathin

බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...

මන්දාකිණීය ගලන
නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී..

පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්...

නන්නාඳුනන ලෙසින
ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්...

-----------------------------------------------

No comments:

Post a Comment