Pages

Wednesday, July 24, 2013

වැහි දිය මහ බිම තෙමුවට - Wahi Diya Maha Bima Themuwata

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද...
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද...
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද...
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද...

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න...
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න..

-----------------------------------------------------------

No comments:

Post a Comment