Pages

Wednesday, July 24, 2013

සඳ තරු මල් මට දන් දුන් - Sanda Tharu Mal


සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ,,,,,,,

ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්

පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ,,,,,,,

ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්,
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ,,,,,,
-------------------------------------------------------------------------------------------------------------------
මෙම ගීතය ගැන මට යමක් නොලිය යන්න හිතදෙන්නෙම නැහැ .බලන්න මොනතරම්  ලස්සන පද පෙළක්ද රබුක්කන සිද්ධාර්ථ හිමි  පාණන්  රචිත මෙම  ගීතය ,
රෝහන වීරසිංහයන්  සංගීතවත්  කළා ,
ගායනය - අතුල අදිකාරී, සමිතා එරන්දිතී මුදුන් කොටුව,
-------------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment