මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදි රිදේවි
ඔබ එනවා නම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්...
ලා සඳ පලුව ඇවිත් - නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් - රන්වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...
බිම් කලුවර ඇවිදින් - පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් - නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...
---------------------------------------------------------
No comments:
Post a Comment