Pages

Wednesday, July 24, 2013

කඳු පාමුල සිට - Kanndu pamula sita

කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ,,

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිවු රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි,

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැඟ එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි,,

--------------------------------------------------------------

No comments:

Post a Comment