Pages

Wednesday, July 24, 2013

පොල්රුප්පාවේ - Poll Ruppawe

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ..//
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..//
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

-----------------------------------------------------------

No comments:

Post a Comment