Pages

Monday, March 3, 2014

ඇස් කතා කරනවා - As Katha Karanawa

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා
ආදරේ කියා . . . කියා . . . .

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා . . .
ආදරේ කියන තුරා . . .
ජීවිතේ තියෙන තුරා . . .

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස කැන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා . . . ආදරේ කියා

..................................................................

No comments:

Post a Comment