Pages

Friday, August 9, 2013

ඇසට අසුවන මායිමේ - Asata Asuwana Mayime

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ ,,

සියපතක් මත විසුළ පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට ,,

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත,,

-------------------------------------------------

No comments:

Post a Comment