Pages

Wednesday, July 24, 2013

වස්සානේ එක ලස්සන දවසක -Wassanaye Eka Lassana Dawasaka

වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා

සරසවි දිවි මග කුළුදුල් ප්‍රේමයේ විරහව නැත දැනුනේ

කාලය පියබා ආ කල අප වෙත ඔබ නැති බව පෙනුනේ
ඔබ නැති බව දැනුනේ

විසුරුනු පෙමකට හදවත හැඩුවා දෙනුවන සිනාසුනා

හිමිදිරි උදයක සරසවි බිම මට අදුරුයි සේ දැනුනා
හිමිදිරි උදයක සරසවි බිම මට අදුරුයි සේ දැනුනා

වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
මුතු කැට සේ දිලුනා
------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    අමරසිරි පීරිස්
------------------------------------------------------------------------------

No comments:

Post a Comment