බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කථාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
වළාකුලක පිරි පුරහඳ
අතැර ගොසින් සිය පියබඳ
එදා පිදූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්..
-------------------------------------------------------------
No comments:
Post a Comment