Pages

Monday, March 3, 2014

සිතට දැනෙන මේ ලතැවුල් - Sithata Danena Me Lathawul

සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්,,

අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්,,


අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"





...........................................................................

.............................................................................

ඔබ හා මෙමා - Oba Ha Mema

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා

................................................................

සොදුරු අතීතයේ - Sondhuru Atheethaye

සොදුරු අතීතයේ නිමල පෑතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඈතී...

කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඈතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඈතී.....

..........................................................................

මේ අයුරින් අපි සංසාරේ - Me Ayurin Api Sansare

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....
මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගනනක් ඔබ පය පාමුල මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති....

.......................................................................

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ - Awwata Wassata Huru Minisunne

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ,,

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ...

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ,,,

......................................................................

හිමින් සැරේ පියා විදා - Hemin Sare Piya Wida

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සියොත් සියොතුන්...

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳූ සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳූවර දියෙන් උපදින....

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ......

......................................................................

රන් ටිකිරි සිනා - Ran Tikiri Sina

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා...

දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී..

බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා
ගමනක් යනවද සුදු මල්ලී.....

..................................................................